ඇමැති දෙපළකට ආණ්ඩුවේ පසුපෙළින් විශ්වාසභංගයක්…? විපක්ෂයේ එක්වෙයි…!

October 16, 2021 at 10:01 pm | by emanisa.lk

පවතින තත්ත්වය හමුවේ කෘෂිකර්ම හා වෙළද අමාත්‍යවරුන්ට එරෙහිව පාර්ලිමේන්තුව හමුවේ විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නැයි සමගි ජන බලවේගය ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. එම විශ්වාසභංගය සදහා සිය පක්‍ෂයේද සහාය ලබාදෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පැවසුවේ.

ගොවිබිමේ සිටි ගොවියා මහ පාරට ගෙනැවිත් නියපොත්තෙන් කැඩිය හැකිව තිබූ ප්‍රශ්නය පොරවෙන් කපන තැනට ආණ්ඩුව පත්කර ඇතැයි සමගි ජනබලවේග මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසයි.

කෘෂිකර්ම අමාත්‍යවරුන්ට සහ වෙළෙඳ අමාත්‍යවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නැයි ජනාධිපතිවරයාට ලියුම් භාරදුන් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් හෙතෙම ඉල්ලා සිටියි.

ඒ සඳහා තම පක්ෂයේ සහාය ලැබෙන බව ද ඔහු සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ බහුතර බලය තමන්ට තිබිණි නම් මේ ඇමැතිවරුන් අද තනතුරුවල නැතැයි ද කාවින්ද ජයවර්ධන අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *