මහින්දලගේ ආරක්ෂකයන් දුෂ්කර සේවයට යොමු කළ කතා බොරු…! – කර්නල් නලින් හේරත්…

December 24, 2024 at 12:59 pm | by emanisa.lk

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිට ඊයේ (23) ඉවත් කළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඔවුන් සේවය කළ ස්ථානවලට අනුයුක්ත කරන බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් පවසයි.

එම පිරිස ඊයේ දහවල් 12.00 සිට පස්වරු 6.00 දක්වා තමන් සේවය කළ ත්‍රිවිධ හමුදා කඳවුරුවලට අනුයුක්ත කළ අතර පසුව සාමාන්‍ය රාජකාරිවලට යොමුකරන බව ද හෙතෙම කීය.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට සිට ඉවත් කළ හමුදා සාමාජිකයන් දුෂ්කර ප්‍රදේශවලට යොමුකරන බවට ඇතැමුන් අසත්‍ය ප්‍රචාර ගෙනයන බව ද කර්නල් නලින් හේරත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *