මහින්දගේ හදිසි ප්‍රහාරයෙන් ජනපති හාන්සියි! ධුර කාලය ගැන අධිකරණ මතය විමසීම හකුළා ගනී!

September 12, 2019 at 4:01 pm | by emanisa.lk

තමන්ගේ ජනාධිපති ධුර කාලය අවසන් වන්නේ 2020 මැයි 15 වනදා ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කල්දමා ඇතැයි වාර්තා වෙයි.

ඒ සඳහා උවමනා සියලු ලේඛන සකසා අවසන් කර පෙරේදා (10) ඒවා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත භාරදීමට නියමිතව තිබුණ ද අවසන් මොහොතේදී ජනාධිපතිවරයා එය දමා ඇත.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා ව්‍යවස්ථාමය බලය තමන්ට සැප්තැම්බර් 15 වනදා සිට හිමිවන බවට කළ ප්‍රකාශය මේ සඳහා ආසන්නතම හේතුව බව වාර්තා වෙයි.

සැප්තැම්බර් 15 වන දිනට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය තමා සතු වන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කිරීමත් සමග ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 මැයි 15 වන දා දක්වා දීර්ඝ කර ගැනීමට ගත් උත්සාහය පරාජයට පත්වූ බවත් එහෙයින් ජනාධිපතිවරයාට පසුබානු හැර විකල්පයක් නොමැති වූ බවත් විශ්ලේෂකයෝ පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස