මහින්තලේ දාගැබ මත නැඟ ඡායාරූප ගත්තේ තිහාරියේ දේවස්ථානයක සිසුන්!

February 15, 2019 at 6:09 am | by admin

ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරයේ පිවිසුම් දොරටුව පරිවාර චෛත්‍යයක් මත නැඟී ඡායාරූප ගන්නා අතර ඊයේ (14) දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්විය.

එක් අයකු දාගැබ මත නැඟ සිටින අතර අනෙකා ඡායාරූප ගෙන ඇති අතර එම ඡායාරූප ඔවුන්ගේ දුරකතනවල තිබී ඇත.

මෙම සිසුන් තිරිකුණාමල මුතුර් ප්‍රදේශයේ පදිංචි අය බව ද ඔවුන් නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ දේවස්ථානයක අධ්‍යාපනය ලබන බව ද හෙළි වී තිබේ. අධ්‍යාපන චාරිකාවක් ගිය අවස්ථාවේ මෙම ඡායාරූප ගෙන තිබේ.

මෑත කාලයේ මෙවැනි සිද්ධි ගණනාවක් වාර්තා වූ අතර පිරිසක් අත්අඩංගුවට ද ගැණිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *