ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනඟමින් රට ඉදිරියට ගෙන යාමට හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැවින් එතුමාගේ වැඩපිළිවෙළට සමස්ත මහා සංඝරත්නයේ ආශීර්වාදය හිමිවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියෝ පවසති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොට්ටාව, රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක මහා විහාරය වෙත පැමිණ මහා නාහිමියන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ විශේෂ අනුශාසනාවක් සිදු කරමින් මේ බව සඳහන් කළහ.
මෙහිදී ජනාධිපතිවරයා පැවැසූයේ රට ව්‍යසනයකට ඇද වැටී තිබු අවස්ථාවේ ජනාධිපති ධූරය බාරගන්නා ලෙස ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමි කළ ආරාධනය ද කෘතවේදීව සිහිපත් කළ යුතු බවයි.
මෙවැනි අර්බුදයකට මුහුණ දුන් ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව සුවිශේෂී ජයග්‍රණයක් ලබාගත් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
අසාධාරණ ඉල්ලීම් මත පදනම්ව ගුරු වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් රටේ සමස්ත දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඉඩ තැබිය නොහැකි බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එම වෘත්තීය ක්‍රියාමාර්ග නතර නොකරන්නේ නම් ඒ වෙනුවෙන් ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද සඳහන් කළේය.