මඩකලපුව වාලච්චෙන මාන්චෝලේ ප්‍රදේශයේ මවුලවීවරයකු ආයුධ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
ටී.56 ගිනි අවි දෙකක්, පතුරම් හැටක්, මෙගසින් දෙකක්, දුර දක්නනයක්, යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුවය.
අත්අඩංගුවට ගත් මවුලවීවරයා 43 වියති ආයකු බවත්, ඔහු ඕටමාවඩි මාංචෝලේ ප්‍රදේශයේ පදිංචිව සිටිමින්, මහා පරිමාණයෙන් කරවල ව්‍යාපාරයේ නිරත වූ අයකු බවද පරීක්ෂණ පවත්වන විශේෂ කාර්ය බළකාය පවසයි.