මහා මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට්ටුව නිකුත් කෙරේ

July 18, 2020 at 12:24 am | by emanisa.lk

මහා මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ.

2184/34 අංකය දරන එම අති විශේෂ ගැසට් පත්‍රය නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුතුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කෙරුණි.

එළැඹෙන මහමැතිවරණයේ දී දේශපාලන පක්ෂ, අපේක්ෂකයන් සහ ඡන්ද දායකයන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ රෙගුලාසි එහි අන්තර්ගත වේ.

https://drive.google.com/file/d/1ElOCjV6dkWpUS8ZOjH5dFSu9KJNgcTjb/view

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *