ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2022-2023 මූල්‍ය වර්ෂයේ දී රුපියල් බිලියන 73.3ක පාඩුවක් ලබා ඇති බැව් මුදල් අමාත්‍යාංශය නිකුත් කළ අවසාන අයවැය වාර්තාවේ සඳහන් වෙයි.
විනිමය අලාභය හා පොලී පිරිවැය 2022-2023 මූල්‍ය වර්ෂයේ දී රුපියල් බිලියන 51.4 දක්වා සියයට 130.5කින් ඉහළ යෑම ඊට හේතුවයි.
කෙසේ වුවද 2021-2022 මූල්‍ය වර්ෂයට සාපේක්ෂව මෙම මූල්‍ය වර්ෂයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබා ඇති පාඩුව සියයට 56කින් අඩු වී ඇත.
2022/2023 මූල්‍ය වර්ෂයේ දී ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 372.5ක ආදායමක් උපයා ඇත. සංචාරක කර්මාන්තයේ වර්ධනයත් සමග ගුවන් මගී ආදායම රුපියල් බිලියන 293.3 දක්වා වැඩි වී ඇත.