මහාරාජා කෙසෙල් ගසට කොටයි! සිරසේ මඩට අධිකරණයෙන් වාරණ නියෝග!

November 24, 2020 at 8:37 am | by emanisa.lk

සිරස TV ප්‍රමුඛ MTV මාධ්‍ය ජාලය ඔස්සේ ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පෞද්ගලික සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීරට ඇතුළු එහි ඉහළ නිලධාරීන්ට එරෙහිව කිසිදු ආකාරයක අපහාසාත්මක පුවත් පළකිරීමකින් වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ඊයේ (23) වාරණ නියෝගයක් නිකුත් කළේ ය.

එම නියෝගය නිකුත් කළේ සිරස නිව්ස් ෆස්ට් විසින් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පෞද්ගලික සමාගමට අපහාස කිරීම සම්බන්ධයෙන් රුපියල් බිලියන දෙකක වන්දි ඉල්ලා ගොනුකළ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව ය.

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම පෙන්වා දී ඇත්තේ වගඋත්තරකරුවන් සැම විට ම පැමිණිලිකරුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ද්වේශ සහගතව කටයුතු කර ඇති බව ය.

දිලිත් ජයවීර සභාපතිත්වය දරන දෙරණ මාධ්‍ය ජාලය හා කිලී මහරාජා සභාපතිත්වය දරන සිරස ‘නිව්ස් ෆස්ට්’ අයත් MTV පෞද්ගලික සමාගම අතර දිගු කලක සිට පවතින මාධ්‍ය තරඟකාරිත්වය මෙම ද්වේෂසහගත තත්ත්වයට හේතුව බව පැමිණිලිකරු පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *