පෝර්ට්සිටිය ප්‍රවර්ධනයට මුවාවෙන් කිලී මහාරාජා මිලියන 400කට විදල….!

April 19, 2021 at 1:02 pm | by emanisa.lk

2015 ආණ්ඩු පෙරළියෙන් පසු කොළඹ වරාය නගරයේ ප්‍රතිරූපය ගොඩනැංවීම සඳහා කිලී මහාරාජාගේ සිරස මාධ්‍ය ජාලය විසින් ඩොලර් මිලියන 400ක කොන්ත්‍රාත්තුවක් ගත් බව එකල මාධ්‍ය වාර්තා කර තිබිණි. ෆීනික්ස් ඔගිල්වී නම් ප්‍රතිරූප ප්‍රවර්ධන සමාගමක් ඔස්සේ චයිනා පෝට්සිටි ඩිවෙලොප්මන්ට් සමාගම මෙම කොන්ත්‍රාත්තුව ලබා දී තිබේ.

මෙලෙස වරාය නගර ප්‍රතිරූප ප්‍රවර්ධනය සඳහා හේතු වූයේ 2015ට පෙර එවක විපක්ෂය සමඟ එක්ව සිරස ඇතුළු මහාරාජාගේ මාධ්‍ය නාලිකා ඔස්සේ වරාය නගරය දැඩි පරිසර හානිකර දූෂිත ව්‍යාපෘතියක් ලෙස සිදුකළ ව්‍යාජ ප්‍රචාරණයයි. එකල එජාපය ජවිපෙ ප්‍රමුඛ විපක්ෂය නව ආණ්ඩුවක් යටතේ වරාය නගර ව්‍යාපෘතිය අහෝසි කර දමන බවට ජනතාවට ප්‍රතිඥා දුන්නේය.

එහෙත් මැතිවරණ ජයග්‍රහණයට පසු එම ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමට යහපාලන ආණ්ඩුව තීරණය කළ අතර ඊට එල්ල විය හැකි විරෝධය දියකර හැරීම සඳහා මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය දියත් කෙරිණි. වරාය නගර ව්‍යාපෘතිය රකුසෙකු බවට පත්කළ සිරස මාධ්‍ය ජාලය, කන්න හිතුණු විට කබරගොයා තලගොයා කරගෙන, එම ව්‍යාපෘතිය ප්‍රවර්ධන කොන්ත්‍රාත්තුව ලබා ගැනීම එකල දැඩි විවේචනයට ද ලක්විය. ඒ නැවත වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව අසත්‍ය ප්‍රචාර සිදුනොකර බවට කොන්දේසියක් ද යටතේ ය.

ඒ සඳහා සිරස මාධ්‍ය ජාලය රන්බිම නමින් වරාය නගර ප්‍රවර්ධන ප්‍රචාරක ව්‍යාපෘතිය දියත් කළ අතර ප්‍රචාරක රථයක රන් ආලේප කළ ගඩොලක් තබා ගෙන වරාය භූමිය නම් ස්වර්ණභූමියෙහි අගය ජනතාවට කියන්නට ගමින් ගමට යෑමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කළේ ය. එසේ ම වරාය නගර භූමියෙහි නෙලුම් කුලුනට වඩා උස කුලුනක් ඉදිකිරීමට ද සැලසුම් කළේ ය.

කෙසේ වුවද ගමින් ගමට යන බව කී රන්බිම ප්‍රචාරක රථය කොළඹ සිට කඩවතට සහ පානදුර දක්වා ගමන් කළ ද ඉන් ඔබ්බට ගියේ නැත. වරාය නගරයේ ඉදිකරන බව කී කුලුනට සිදු වූ දෙයක් ද නැත. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කැඳවා වරාය නගරයේ උත්සවයක් නම් කළේ ය. අවසානයේ ඩොලර් මිලියන 400ට සිදු වූ දෙයක් නැත.

එම මිලියන 400 සද්ද නැතිව සාක්කුවට දමා ගත් මහාරාජා අද නැවතත් තවත් ඩීල් කප්පිත්තෙකු වන විජයදාස රාජපක්ෂ ද පෙරටු කොටගෙන වරාය නගර ව්‍යාපෘතියට අරඹා ඇත්තේ එම පාතාළ කප්පම් මාධ්‍ය මෙහෙයුමෙහි ඊළඟ අදියරදැයි දේශපාලන විශ්ලේෂකයෝ ප්‍රශ්න කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *