මහානායක හිමිවරුන්ගේ ඉල්ලීමට ජනපති හිස නමයි! රතන හිමිට පොහොට්ටුවෙන් නාමයෝජනා නෑ! මහනා හිමි මතය නොතකා රතන හිමි කොඩියෙන් මැතිවරණයට!

March 15, 2020 at 10:31 am | by emanisa.lk

අපේ ජනබල පක්ෂයෙන් කොඩිය සලකුණ යටතේ මහ මැතිවරණයට තමන් වහන්සේලා ඉදිරිපත් වන බව පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.

එහිමියන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා බලාපොරොත්තු වුවද මහ නායක ස්වාමීන් වහන්සෙලා සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේ භික්ෂූන් වහන්සේලාට නාමයෝජනා ලබා නොදෙන ලෙසය.

මහා සංඝරත්නයේ ඉල්ලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණ හිස නැමූ අතර මේ සමගම වෙනත් දේශපාලන පක්ෂයකින් තරඟ වැදීමට රතන හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් තීන්දු කර තිබේ.

ෂරියා නීතිය අහෝසි කිරීම, මද්‍රාසා පාසල් තහනම් කිරීම ආදී සටන් පාඨ ඔස්සේ සිය මැතිවරණ සටන මෙහෙය වන බවත් අගමැතිවරයා තීන්දු කරන බලය තමන් ලබා ගන්නා බවත් රතන හිමි මාධ්‍ය හමුවේ පවසා තිබේ.

2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජයට පත්කර මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ බලයට පත් කිරීමට රතන හිමි සුවිශාල කාර්යභාරයක් ඉටු කළේය. මුස්ලිම් අන්තවාදය පාස්කු ප්‍රහාරය එල්ල කර  ජීවිත 300 අහිමි කර 500 දෙනෙකු තුවාල සිදුකිරීමට වර්ධනය වූයේ එකලය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස