මහාචාර්ය මලික් පීරිස්ට චීන නොබෙල් සම්මානය..! ඇ. ඩො. මිලියනයක ත්‍යාගයකුත්…!

September 12, 2021 at 11:25 pm | by emanisa.lk

මහාචාර්ය මලික් පීරිස්ට චීනය විසින් 2021 වර්ෂයේ “අනාගත විද්‍යා ත්‍යාගය” පිරිනමා තිබේ. ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මහාචාර්ය මලික් පීරිස්ට අමතරව චීන ජාතික මහාචාර්යවරයෙකු වන යූන් ක්වොක් යුන්ග්ට මේ වසර සඳහා වූ අදාළ ත්‍යාගය පිරිනමා ඇති බවය.

ඒ අනුව මහාචාර්ය මලික් පීරිස්ට අමෙරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් හිමිව තිබේ. 2003 වර්ෂයේ දී සාර්ස් සහ මර්ස් යන වෛරසයන් පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ මඟින් හඳුනාගැනීම හේතුවෙන් එම ත්‍යාගය පිරිනමා ඇති අතර මෙය චීන නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙයි.

මලික් පීරිස් හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ මහාචාර්යවරයෙකු වන අතර යූන් ක්වොක් යුන්ග් එම විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර ජීවි විද්‍යා අංශයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරයි.

2016 වර්ෂයේ සිට චීනය විසින් කීර්තිමත් විද්‍යාඥයින් සඳහා විද්‍යාත්මක සොයා ගැනීම් වෙනුවෙන් සහ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය වෙනුවෙන් “අනාගත විද්‍යා ත්‍යාගය” පිරිනමන බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස