මහාචාර්ය බුද්ධි මාරඹේ රසායනික සමාගම් ඒජන්තයෙක්…! ග්ලයිෆොසෙට් තහනමට විරුද්ධව රට පුරා ගියෙත් ඔහු තමයි…! – මහින්දානන්ද…

October 30, 2021 at 2:07 pm | by emanisa.lk

මහාචාර්ය බුද්ධි මාරඹේ සී.අයි.සී. සමාගමේ නියෝජිතයෙක් බව තමන් දැන සිටියා නම් ඔහුගේ සේවාව කිසිම විටෙක අමාත්‍යාංශයට නොගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

තමා ඒ බව දැනගත්තේ පරිසර සංවිධාන ගණනාවක් ඔහු ගැන ලියා එවූ ලිපිවලින් පසුව බව ද එය දැන සිටියේ නම් ඔහු කිසිදා අමාත්‍යංශයේ කිසිදු සේවාවක් සඳහා බඳවා නොගන්නා බව ද ඇමැති අලුත්ගමගේ සඳහන් කරයි.

සී.අයි.සී සමාගමේ වාර්ෂික විගණන වාර්තා පරික්ෂා කරද්දී ඔහු එහි අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇති බව තහවුරු වන බව සඳහන් කරන අමාත්‍යවරයා හැකිනම් එම සමාගමට ඔහු සේවාව නොසැපයූ බව ඔප්පු කරන ලෙස ද අභියෝග කරයි.

මහාචාර්ය මාරඹේ ග්ලයිෆොසෙට් තහනම් කළ අවස්ථාවේ ද රට පුරා යමින් ඊට එරෙහිව රසායනික සමාගම වෙනුවෙන් පෙනී සිටිමින් දේශන පැවැත් වූ බව ද මේ වන විට හෙළි වී ඇතැයි හෙතෙම අනාවරණය කරයි.

මහාචාර්ය මාරඹේ කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදේශන සේවා සැපයූවේ නොමිලේ නොවන බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා ඒ සඳහා ගෙවීම් කළ බව සඳහන් කරයි. සති අන්ත ජාතික පුවත් පතක් සමග සමග සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *