මහල් නිවාසවල සිරවූ ජනතාවට ගී ගැයූ ගුවන් සෙබළාටත් කොරෝනා!

April 28, 2020 at 10:55 am | by emanisa.lk

ගුවන් හමුදා සංගීත කණ්ඩායමේ කෝප‍්‍රල්වරයකුට ‘කොවිඞ් 19’ ආසාදනය වීම හේතුවෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේ සියලූම සාමාජිකයන් කඳවුර තුළට සීමා කර ඇත.

එසේම ගුවන් හමුදා සංගීත කණ්ඩායමේ සියලූම සාමාජිකයන් නිරෝධායනයට ලක් කර ඇති බවත්, ඔවුන්ගේ පී.සී.ආර් වාර්තා අද (28 වැනිදා) ලැබීමට නියමිත බවත් ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇඳිරිනීතිය ක‍්‍රියාත්මක වන කාලයේ දී මහල් නිවාස කේන්ද්‍ර කරගෙන සංවිධායනය කර තිබූ සංගීත ප‍්‍රසංගයකට නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගි වූ ගායකයකුට ‘කොවිඞ් 19’ ආසාදනය වී ඇති බවට මේ වන විට තහවුරු වී තිබේ.

ඒ අනුව අදාළ කෝප‍්‍රල්වරයාට නාවික හමුදාවේ ගායක ශිල්පියාගෙන් ‘කොවිඞ් 19’ ආසාදනය වන්නට ඇතැයි ගුවන් හමුදාව සැක කරයි.

මීට අමතරව ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ නිවාඩු අවලංගු කිරීමේ නියෝගයට අනුව ගුවන් හමුදා සාමාජිකයන් ද සිය කඳවුරුවලට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස