මහර පිපිරීම පිටුපස බන්ධනාගාර රෝහල් ප්‍රධානියෙක්! කොරෝනා භීතිකාවක් මවමින් රැඳවියන් කුපිත කරලා!

December 1, 2020 at 10:48 am | by emanisa.lk

මහර බන්ධනාගාරය යුද පිටියක් බවට පත්කරමින් පෙරේදා (29) එහි ඇති වූ කැරලිකාරී තත්ත්වයට ප‍්‍රබල හේතුවක් වී ඇත්තේ එම බන්ධනාගාර රෝහලේ ප‍්‍රධානියකු දින කිහිපයක සිට රැඳවියන් තුළ නොසන්සුන් මානසිකත්වයක් ගොඩනැංවීම බව බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

මහර බන්ධනාගාර රෝහලේ අදාළ ප‍්‍රධානියා රට පුරා බන්ධනාගාර තුළ කොරෝනා පැතිරීම මුල් කරගෙන නිලධාරීන්ගේ පරිපාලනමය වැරදි නිසා මහර බන්ධනාගාරයට ද කොරෝනා පැතිරෙනු ඇතැයි පවසමින් දින කිහිපයක් තිස්සේ රැඳවියන්ගේ මනසේ භීතියක් ඇතිකර තිබෙන බවද මේ වන විට අනාවරණය වී ඇත.

එසේ භීතියට පත් රැඳවියන් බන්ධනාගාර නිලධාරීන් පිළිබඳ වෛරයකින් පසුවද්දී පෙරේදා මහර බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයන් 183 දෙනකු හඳුනා ගැනීමත් සමග මහර බන්ධනාගාරය තුළ මෙම පුපුරා යෑම සිදුවූ බව මේ පිළිබද අදහස් දැක්වූ උසස් බන්ධනාගාර නිලධාරියෙක් සදහන් කළේය.

මෙහිදී බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සැලසුම් සහගත ලෙස ප‍්‍රකෝපකාරී වූ රැඳවියන්ට මත්ද්‍රව්‍ය ලබා දෙමින් භයානක තත්ත්වයක් ඇති කිරීමට කටයුතු කර ඇතැයිද එම උසස් නිලධාරියා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *