මහනුවර බෝම්බයෙන් පවුල බේරාගත් රාම්රාජ් වෙසක් සමරයි!

May 22, 2019 at 10:07 am | by admin

මාස කිහිපයකට පෙර මහනුවර යටිනුවර වීදියේ සිව් මහල් ගොඩනැඟිල්ලක ඇති වූ ගින්නෙන් එහි පදිංචි වී සිටි සිය දරු සිව් දෙනා සහ බිරිඳ බේරාගත් රාම්රාජ් බෞද්ධයන් සමග එක් වී වෙසක් සැමරීමට අමතක කළේ නැත.

එම ගින්න නිසා ඔහු ජීවනෝපාය කරගත් බඩු භාණ්ඩ ද අහිමි වූ අතර අනුර බමුණුසිංහ නම් සමාජ සේවකයකු නිවසක් තනා ගැනීමට පර්චස් 30ක ඉඩමක් ලබා දී නිතර සුවදුක් සොයා බලයි. එසේම නිවසක් තනා ගැනීමට ඇමති සජිත් ප්‍රේමදාස, දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල සහ සිරස නාළිකාව ඇතුළු බොහෝ පිරිසක් උපකාර කර තිබේ.

එම නිවස තනන තෙක් කුඩා කාමරයක පදිංචි වී සිටින රාම්රාජ් අලුතින් තනන නිවස වෙසක් සමයේ වෙසක් පහනින් ආලෝකවත් කිරීමට අමතක කළේ නැත. ඒ රටේ ආගමික සංහිඳියාව සඳහා ආදර්ශයක් ලබා දීම පිණිසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *