මහනුවර පොහොට්ටුවත් රනිල්ට…!

August 6, 2024 at 9:42 am | by emanisa.lk

මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6ක් ඇතුළු හිටපු පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 202කට අධික පිරිසක් ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.

ඉකුත් 02 වැනිදා මහනුවර පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේ දී එම තීරණය ගෙන ඇත.

මෙරට ආර්ථිකයේ දිශානතිය ගොඩනගා ජන ජීවිතය තව දුරටත් සුබදායි කිරීම සඳහා කොන්දේසි විරහිතව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් එක්විය යුතු බව ඔවුන්ගේ මතය විය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ ඇතුළු පිරිසක් එකතු වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *