මහනුවර දිස්ත්‍රික්කයම අරන් කිරිඇල්ල සජිත්ගේ සන්ධානයට යයි! රනිල් අතැර නවීන්ගේ සොහොයුරු මයන්තත් එක්වෙයි!

March 6, 2020 at 4:46 pm | by emanisa.lk

මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින්ගේ සහාය සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් නායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන නියෝජිතයින් සහ ආසන සංවිධායකවරුන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් කිරිඇල්ල මේ බව සඳහන් කළේය.

එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ද එක්ව සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස