අකුරණ සහ කඩයන්කුළමත් LockDown! කිසිවෙකුට ඇතුල් වෙන්න පිට වෙන්න තහනම්!

March 29, 2020 at 9:39 am | by emanisa.lk

මහනුවර අකුරණ ප්‍රදේශයෙන් කොරෝනා රෝගියකු වාර්තා වීමත් සමග එම ප්‍රදේශය වසා දැමීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

එසේම පුත්තලම කඩයන්කුලම ගමත් මෙලෙස වසා දමා තිබේ.

මේ අනුව එම ප්‍රදේශවලට කිසිවෙකුට ගමෙන් පිටවීමට මෙන්ම කිසිවෙකුට ගමට ඇතුළු වීම ද තහනම්ය. කොරෝනා වසංගතය පැතිරීම පාලනය කිරීම එහි අරමුණය.

මෙයට පෙර කළුතර බණ්ඩාරගම අටළුගම ප්‍රදේශය ද සම්පූර්ණයෙන් වසා දැමීමට කටයුතු කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *