මහජන සාමය පවත්වා ගෙන යාම සඳහා ජනපති හමුදාව කැඳවයි….!

August 3, 2021 at 3:42 pm | by emanisa.lk

දිවයින පුරා මහජන සාමය පවත්වා ගෙන යෑම සඳහා සන්නද්ධ හමුදාවන්හි සියලුම සාමාජිකයන් කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.

මෙම ආඥාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස