මහජන මුදලින් නඩත්තු කරන ජනපති මන්දිර එපා! මම මගේ මිරිහානේ ගෙදර ඉඳලා රට කරවනවා! – ජනපති ගෝඨා

November 22, 2019 at 8:08 am | by emanisa.lk

ජනාධිපති මන්දිරයේ පදිංචියට නොයා මිරිහානේ පිහිටි තම පෞද්ගලික නිවසේ දිගටම පදිංචිව සිටීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.

රාජ්‍ය තාන්ත්‍රික නිල අවශ්‍යතා සඳහා පමණක් ජනපති මන්දිරය භාවිත වනු ඇති අතර ඒ් වෙනුවට නිල නිවසක් ලබා ගැනීමක් ද සිදුවන්නේ නැත.

පොළොන්නරුවේ සිට රට පාලනය කරන බව කී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති මන්දිරය වෙනුවට මහගමසේකර මාවතේ නිල නිවසක් භාවිත කළ අතර ධුරයෙන් ඉවත්ව යන මොහොතේ එම නිවස කැබිනට් පත්‍රිකාවකින් ඔහුගේ පෞද්ගලික භාවිතයට ලබා ගැනීමට අනුමැතිය ගත්තේය.

කෙසේ වුවද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයේ දී එවැනි කිසිදු පොරොන්දුවක් ලබා දුන්නේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස