රටටත් ජනතාවටත් හොද අයවැයක් ලබන වසර සදහා ඉදිරිපත් කිරීමට තමන්ට වාසනාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.
ඒ අයවැය ඉදිරිපත් කිරීමට පෙර ආශිර්වාද ලබා ගැනීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත අද (30) පැමිණි අවස්ථාවේදීය.
චීනය විසින් මහජන බැංකුව අසාදු ලේඛණගත කළ බවට පලවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් තමන් වෙත දැනුම් දී නොමැති බව බැසිල් රාජපක්ෂ සඳහන් කළේය.