මහජන බැංකුව අසාධු ලේඛනයෙන් ඉවතට…!

January 11, 2022 at 12:48 pm | by emanisa.lk

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් මෙරට රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව සිය අසාදු ලේඛනයෙන් ඉවත්කර තිබේ.

පසුගිය ඔක්තෝබර් මාසයේ දී, කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් එම බැංකුව අසාදුගත කළේය.

ඒ චීන සමාගමකින් ආනයනය කිරීමට තීරණය කර තිබූ කාබනික පොහොර තොගයක් සඳහා ගෙවීම් සිදුකිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් හේතුවෙනි.

මතභේදයකට ලක්වූ චීනයේ චින්දාඕ සීවින් බයෝටෙක් සමාගමෙන් ගෙන්වීමට සැලසුම් කළ කාබනික පොහොර සඳහා ණයවර ලිපි නිකුත් කර තිබුණේ, මහජන බැංකුව හරහාය.

එහෙත් ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවය එම පොහොර සාම්පල පරීක්ෂාවෙන් පසුව පවසා තිබුණේ, එම පොහොර සාම්පලවල අර්වීනියා නම් බැක්ටීරියාව අඩංගු බැවින් එම පොහොර භාරනොගත යුතු බවටය.

පසුව එම සමාගමට ලංකාව ඩොලර් මිලියන 6.9ක් ගෙවීමටත් සහ ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා දීමටත් අධිකරණයේ දී එකඟතාවකට එළඹ තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස