මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එමගින් ඔහු කියා ඇත්තේ ආනන්ද විජේපාල මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස රජයේ තනතුරක් දරන බවත්, එය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරීමට නුසුදුසුකමක් වන බවත්ය.
විජේපාල මහතා ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කරන බව 2024 දෙසැම්බර් මස 19 වැනිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇති බවත්, ඔහු තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ජනාධිපති කාර්යාලයෙන් කළ විමසීමකදී ද ආනන්ද විජේපාල මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී බව තහවුරු කළ බවත් එම පෙත්සමේ සඳහන් කර තිබේ.
එම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සහ පාර්ලිමේන්තුවේ ඡන්දය දීමෙන් වැළකීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි. එමෙන්ම එම පෙත්සම විභාග කර අවසන් වනතුරු ආනන්ද විජේපාල මහතා මහජන ආරක්ෂක ඇමති වශයෙන් කටයුතු කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා ඇත.
අනිත්දා