වත්මන් ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍ය ධුරය ලබා දුනහොත් එය බාර ගැනීමට තමන් සූදානම් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ එවැනි වගකීමක් තමන්ට භාරදෙනවා නම් එය භාර ගැනීමට අකමැත්තක් නොමැති බවයි.
එහෙත් තමන් අනුර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා දායක නොවූ බැවින් තමන්ට එවැනි වගකීමක් ඉල්ලීමට අයිතියක් නොමැති බව ද ඔහු සඳහන් කරයි.