මලික් රනිල්ගේ ඔත්තුකරුවෙක්! සජිත් පිලේ සියලු රහස් රැගෙන අරලිය මැදුරට දුවයි! සජිත් පිල දෙදරයි!

September 23, 2019 at 10:43 am | by emanisa.lk

ජනාධිපති ධුර අපේක්ෂකත්වය සම්බන්ධ එජාප ගැටුමේ දී සජිත් පාර්ශවය නියෝජනය කළ ඇමති මලික් සමරවික්‍රම නැවත සිය දීර්ඝ කාලීන මිත්‍ර රනිල් වික්‍රමසිංහ වෙත සමීප වී ඇතැයි වාර්තා වෙයි.

ඊයේ දිනයේ රනිල් සමග එකම රියක නැඟී නුවර බලා ගිය ඇමති මලික් සමරවික්‍රම එහිදී ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල සමග සාකච්ඡාවකට ද එකතු වී ඇත. අගමැතිවරයාට දිවා ආහාරය සූදානම් කර තිබුණේ ද ඇමති මලික්ගේ වටපුළුවේ නිවසේ බව සඳහන්ය.

අගමැති රනිල් වික්‍රමසිංහ සහ මලික් සමරවික්‍රම පාසල් සමයේ සිට සමීප මිතුරන් වන අතර රනිල්ට එරෙහි එජාප අභ්‍යන්තර කැරලි ගණනාවක දී රනිල් රැකගැනීම උදෙසා උපක්‍රමශීලීව කටයුතු කළ අයෙකි.

ඔහු රනිල්ට එරෙහිව සජිත් පාර්ශවය වෙත සමීප වන විට සජිත් පිලේ සමහරු මොහු කෙරෙහි සැක පළ කළ ද බහුතරයේ විශ්වාසය දිනාගැනීමට මලික් සමත් විය. ඒ නිසාම සජිත් පිලේ සියලු අභ්‍යන්තර රහස් සාකච්ඡා සඳහා මලික්ට එකතු වීමට හැකි විය. රනිල් පාර්ශවයේ ඇමති රවී කරුණානායකට සම්බන්ධ වෙබ් අඩවි ඔස්සේ පසුගිය කාල සීමාවේ ඇමති මලික් සජිත් පිලේ කැරලි නායකයා ලෙස උත්කර්ෂයට නංවමින් විවේචනය කිරීම ද දැකිය හැකි විය.

කෙසේ වුවද ඇමති මලික් සජිත් පිලේ සියලු දෙනා පුදුමයට පත් කරමින් නැවත අගමැතිවරයා වෙත සමීප වීම නිසා එම පාර්ශවය මහත් කැළඹීමකට සහ අපේක්ෂාභංගත්වයකට පත්ව ඇතැයි වාර්තා වෙයි. ඒ ඇමති මලික් නැවත රනිල් වෙත ගියේ සිය පාර්ශවයේ සියලුම රහස් සැලසුම් රැගෙන නිසාය.

සජිත්ට ජාතික දේශපාලන පිළිබඳ කිසිදු දැක්මක් නැතැයි ද එම පිළ සතුව කිසිදු ඵලදායි සැලසුමක් නැතැයි ද ඇමති මලික් සිය සමීපතයන් සමග පැවසීම රටේ ජනමතය කෙරෙහි ද අහිතකර ලෙස බලපාන බව ඔවුන්ගේ විශ්වාසය වී ඇත.

මේ අතර ඇමති සජිත්ට සහාය දැක්වූ සුළු පක්ෂ නායකයන් දෙදෙනෙකු ද මේ වන විට නැවතත් වැට උඩට නැඟ ඇතැයි වාර්තා වෙයි. එම පිලේ ඇතැම් ප්‍රබලයන් තමා රැවටීමකට ලක්වී දෝ යන අදහස නිසා නිහඬව සිටින බව ද දැන ගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස