මරාගෙන මැරෙන බොම්බ කම්හල් හෙවත් මද්රාසා පාසල් ද? ආයුධ පුහුණුව දුන් අරාබි පාසලක් දුම්මලසූරියෙන් මතුවෙයි!

April 30, 2019 at 10:55 pm | by admin

මෑතක සිට රට පුරා හතු පිපෙන්නාක් මෙන් පැතිරෙන මද්රාසා පාසල් පිළිබඳ නැවතත් කතාබහක් නිර්මාණය වී තිබේ. බොහෝ දෙනෙකු මෙම පාසල් වසා දැමිය යුතු බව ද සමහරු ඒවා වහාම රාජ්‍ය අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කළ යුතු ද බව පවසති. ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි ප්‍රකාශ කළේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් බිහි කරන කම්හල මද්රාසා පාසල් බවය. අන්තවාදීන් බිහි කරන මද්රාසා පාසල් වහාම වසා දැමිය යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රකාශ කළේ ඒවායේ අන්තවාදී අදහස් ප්‍රවර්ධනය කරන බව තමා හොඳින්ම දන්නා බව අවධාරණය කරමිනි. අගමැති රනිල් වික්‍රමසිංහ පවසන්නේ මෙම පාසල්වල ඉගැන්වූ විදේශිකයන් 600ක් වහාම රටින් පිටුවහල් කරන බවය.

මේ අතර අන්තවාදී නොවන සාමකාමී මුස්ලිම්වරුන් යැයි පවසන පිරිසක් බවසන්නේ මද්රාසා පාසල් යනු දහම් පාසල් බවය. ඒවායේ අනෙකා සමග සාමයෙන් ජීවත් වන ආකාරය උගන්වන බවය. එසේ නම් පකිස්ථානය, බංගලිදේශය, ඉන්දියාව වැනි රටවල් මද්රාසා පාසල් තහනම් කළේ මන්ද යන්න ගැටලුවකි.

කෙසේ වුවද දුම්මලසුරිය ජාමියා මනාරුල් හුදා පිරිමි අරාබි පාසල පසුගිය 28 වෙනිදා ආරක්ෂක අංශ විසින් සෝදිසි කළ අතර එහිදි එම විද්‍යාලයේ ගොඩනැඟිල්ලක බිත්තියක කඩු දෙකක් සහිත ලාංජනයක් සටහන් කර ඇති අයුරු දැකගත හැකිවිය. එසේම එම පාසල පරික්ෂා කිරිමේදි ජංගම දුරකථන කිහිපයක්, කාන්තා බුර්කා, එල්.ටි.ටි.ඊ ක්‍රියාකාරකම් සහිත පොත් ඇතුලු සටන් උපකරණ කිහිපයක් සොයා ගෙන තිබේ. එමෙන්ම එම පාසල් භූමියේ පොල්ගස්වලට තියුණු ආයුධවලින් පහරදී ඇති ආකාරයක් ද ආරක්ෂක අංශවලට නිරීක්ෂණය වී ඇත.

මේ අනුව අරාබි පාසල් සහ මද්රාසා පාසල් ප්‍රවර්ධනය කරන්නේ සංහිඳියාව ද යන්න පිළිබඳ සමාජය දෙවරක් නොව සිය දහස් වරක් සිතන්නට පටන්ගෙන තිබේ. මද්රාසා හෝ අරාබි පාසල් සිය අමාත්‍යංශය යටතේ අධීක්ෂණය නොවන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන පසුබිමක මෙම පාසල් මරාගෙන මැරෙන බෝම්බ කම්හල් බවට කරන ප්‍රකාශ නුදුරේදීම සත්‍ය විය හැකිය. පහත පළවන්නේ අන්තර්ජාලයෙන් උපුටාගත් මද්රාසා උවදුර පිළිබඳ වසර 2කට පමණ පළ කර ඇති රටම අවධානයට යොසු කළ යුතු ලිපියකි.

ජාතික සංහිදියාවට තිත තබන මද්රසා උවදුර!

මෙරට තුළ බරපතල ලෙස ඉස්ලාමීය අන්තවාදී ක්‍රියාකාරකම් ඉස්මතු වෙමින් පවතින බවත්, මැදපෙරදිග රටවලින් සංක්‍රමණය වූ පූජකයන් මෙරට “අරාබි පාසල් නමින් ස්ථාපිත කර ඇති අධ්‍යාපන ආයතනවල සහ මද්රසා පාසල්වල අන්තවාදී ආගමික ඉගැන්වීම් සිදු කරන බවටත්, ඒ හරහා සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය අන්තවාදයට ඇද දමමින් සිටින බවත්, ජාතික සංවිධාන සහ විවිධ පාර්ශව වලින් පසුගිය කාලය පුරා කතා බහට ලක්කළ අතර, ජාතිවාදී ප්‍රකාශ යැයි හඳුන්වමින් පක්ෂ විපක්ෂ දේශපාලකයන් සහ වගකිවයුතු පාර්ශවවලින් එම මත බැහැර කෙරුණා.

ලංකාවේ මද්රසාවල අයි එස් ත්‍රස්තවාදීන්ට පුහුණුව!

එසේ වුවද ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ඉස්ලාමීය මූලධර්මවාදය සහ අයිසීස් ත්‍රස්ත සබදතා පිළිබඳව වැදගත් තොරතුරු කිහිපයක් ඉන්දීය බුද්ධි අංශ උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍යද වාර්තා කර තිබුණු අතර ඉන් හෙළිදරව් කර තිබුණේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මද්රසා නම් ඉස්ලාමීය ඉගැන්වීම් සිදුකරන පාසල් හරහා ඉන්දීය ජාතිකයන් කිහිප දෙනෙකුද අයිසීස් ත්‍රස්තයන් සමග සම්බන්ධ වී ඇති බවයි. මද්රසා පාසල්වල සිදුකෙරෙන ඉගැන්වීම හරහා සාමාන්‍ය මුස්ලිම් සමාජය අතර මූලර්මවාදී අන්තගාමී අදහස් ප්‍රවර්ධනය කරමින් සිටින බවද එම මාධ්‍ය වාර්තා හෙළිකර තිබිණි.

පාකිස්තානයේත් තහනම් මද්රසා ලංකාවේ

1970-80 සියා උල් හක් ජනපති යුගය පාකිස්ථානයට ද තීරනාත්මක කාල පරිච්ඡේදයකි. ඒ අරාබි ඉස්ලාම් අන්තවාදීන්ට රිසි සේ කටයුතු කළ හැකි සියලුම මග විවර කරමින් පාකිස්ථානය මුස්ලිම් අන්තවාදයේ ගොදුරුබිමක් වීමට ඉඩකඩ සැලසුණු යුගයයි. ඒ අනුව අරාබියෙන් පැමිණි ආගමික පූජක ගුරුවරයන් හෙවත් මුල්ලාහ්වරුන්ගේ මූලිකත්වයෙන් ඇති කළ මද්රසා පාසල් ක්‍රමයෙන් ලබා දුන් මූලධර්මවාදී අන්තවාදී අධ්‍යපනය හරහා අවසානයේ බිහි වූයේ එකිනෙකා මරාගෙන මැරෙන අන්‍යාගමිකයන්ගේ ලේ දැකීමේ ආශාවෙන් පෙළෙන දැඩි මතධාරී තලේබාන්, අල්කයිදා, තව්හිද් ජමාත් වැනි බිහිසුණු ගණයේ අන්තවාදී කල්ලි කණ්ඩායම්ය. අද පාකිස්ථානු මුස්ලිම් සමාජය ලෙයින් තෙත් කරන්නේද කුරාණයේ අන්තගාමී මූලික ඉගැන්වීම්වලින් මොළ ශෝධනය වූ ත්‍රස්ථවාදීන්ය.

මෙම භයානක තත්වය හොඳින් තේරුම්ගත් ජනරාල් ෆර්වෙස් මුෂ්රාෆ් 1999 දී බලයට පත් වූ පසු මුලින්ම කළේ පාකිස්ථානය පුරා පැතිරී තිබුණු මද්රසා පාසල් විසිදහසක් ක්ෂණිකව වසා දැමීමට කටයුතු කිරීමයි. එනිසා පාකිස්ථානය පුරා ඔඩු දුවමින් පැවති බිහිසුණු මුස්ලිම් අන්තවාදය යම් ප්‍රමාණයකට පාලනය කළ හැකි විය.

මද්රසා තුළ සෘජු ලෙසම ඉගැන්වෙන්නේ කුරාණයෙ දැක්වෙන මූලධර්මවාදී සංකල්පයන් වන අතර ඒ තුළින් බිහිවන්නේ ඉස්ලාම් අන්තවාදය හා යුධකාමීත්වය තුළින් බාහිර සමාජය තලා පෙළන ත්‍රස්තවාදීන්ය. ඉස්ලාමීය රටවල ඇතැම් මද්රසාවන් නම් දරා ඇත්තේ ඉස්ලාමයේ ඇති යුධකාමීත්වය ප්‍රවර්ධනය කරන්නටමය. ඒවායේ මුසල්මානු සිසුන්ව පුහුණු කෙරෙන්නේ ඉස්ලාමය නොඅදහන්නන් හා සටන් කරන්නටත්, බටහිර හා තමන් ජීවත්වන භූමියේ බහුතරයගේ සාමාජීය මානසිකත්වයට එරෙහිව ක්‍රියා කරන්නටත්ය. මද්රසාවන් ගණනාවක ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළ ජාත්‍යන්තර නිරීක්ෂකයින් පවසන්නේ ඒවායේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම යොමු වන්නේ ප්‍රචණ්ඩත්වය ඉගැන්වීම කෙරෙහි වන බවය.

නමුත් මුස්ලිම් රාජ්‍යයක් වූ පාකිස්ථානය පවා බරපතලකම හැඳිනගෙන තහනම් කර දැමූ මද්රසා පාසල් ක්‍රමය මේ අවස්ථාව වන විට ශ්‍රී ලංකාව තුළ ඉතාමත් සක්‍රීයව ක්‍රියාත්මක වෙමින් පවතී. කලින් මුස්ලිම් දරුවන්ගේ අධ්‍යාපනය සදහා පල්ලිය තුළ ක්‍රියාත්මක වූ මේ මද්රසාවන් අද පල්ලියෙන් පරිබාහිරව සාම්ප්‍රධායික මුස්ලිම් ජාතිකයන් වාසය කරන ප්‍රදේශයක් පාසා හතු පිපෙන්නාත් මෙන් දවසින් දවස ගොඩනගමින් පවතින්නේ අරාබියෙන් පැමිණ මෙහි පැළපදියම් වී විවිධ රාජ්‍ය නොවන ඉස්ලාමීය සංවිධානවල සෘජු මූල්‍ය දායකත්වයෙනි. අරාබියෙන් හා පාකිස්ථානයෙන් පැමිණි පූජකයන් මේවා මෙහෙයවන බව රහසක් නොවේ. එදා මූලධර්මවාදී අරාබි මුල්ලාහ් පූජකයින් පාකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ, බංග්ලාදේශයේ රඟ දැක්වූ නාඩගම කිසිදු බාධාවකින් තොරව පාලකයන්ද ගොනාට අන්දවාගෙන අපේ මාතෘ භූමිය තුළද ඔවුන්ට රිසි සේ ක්‍රියාත්මක කරත් දී ඒ පිළිබදව යන්තමින් හෝ සොයා බැලීමටවත් මේ රටේ දේශපාලකයන් මෙතෙක් කටයුතු කර නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස