මරණ දඬුවම ලද තවත් 260කට ලොකු තෑග්ගක්…!

June 25, 2021 at 5:27 pm | by emanisa.lk

මරණීය දණ්ඩනය නියමව සිටින සිරකරුවන් 260 දෙනෙකුට ආසන්න පිරිසකගේ එම දඬුවම ඉතාම ඉක්මනින් ජීවිතාන්තය දක්වා අඩු කිරීමට කටයුතු යොදා ඇතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසයි.

මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයා මාර්ගයෙන් ජනාධිපතිවරයාට දැනටමත් යෝජනා ඉදිරිපත් කර ඇතැයිද රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය. මරණීය දණ්ඩනය නියම වී වසර දහයකට වැඩි කාලයක් බන්ධනාගාරවල සිටින සිරකරුවන් 260 දෙනෙකු වෙනුවෙන් මෙලෙස දඩුවම් ලිහිල් කිරීමට සැලසුම් කර තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට විවිධ අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී බන්ධනාගාරවල සිටින සිරකරුවන් සංඛ්‍යාව පන් සියයකට අධිකය. මෙවර පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු සිරකරුවන් 94 දෙනෙක් ජනාධිපති පොදු සමාව යටතේ පෙරේදා (24) නිදහස් කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *