මරණ දඬුවම අහෝසි කරන යෝජනාව නීති විරෝධියි! එය මගේ සිතට සතුටක්! – ජනාධිපති

August 5, 2019 at 3:33 pm | by emanisa.lk

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හිරගෙදර සිට එම ජාවාරම ජයටම කරන නිසා රට හදන්න අමාරු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රට වෙනුවෙන් එකට සිටිමු ගම්පහ දිස්ත්‍රික් වැඩ සටහනේ සමාප්තිය හා ප‍්‍රගතිය සමාලෝචනය සඳහා පැවති හමුවේදීය.

දරුවන් බේරා ගැනීමටත් තරුණයින්ගේ හෙට දවස වෙනුවෙනුත් මත් ද්‍රව්‍ය පිළිබඳ වැඩ සටහන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ඔබ දන්නවා. මත් ද්‍රව්‍ය සමාජ ව්‍යසනයට බරපතල ලෙස මුල් වෙලා. කොච්ච්ර හොද දෙයක් කරන්න ගියත් අකුල් හෙලන අයත් ඉන්නවා.

මේ ව්‍යසනය දුරු කරන්න මම මරණ දඩුවම ගේන්න කටයුතු කළා. එයට රජයේ පිරිස් පවා විරුද්ධව කටයුතු කරනවා. මරණ දඬුවම අහෝසි කරන්න පාර්ලිමේන්තුවට පනතක් ගේනත් කටයුතු කරලා. මිනිමරුවෝ. ස්ත්‍රී දූෂකයෝ මේ නිසා සතුටට පත් වුණා.

මරණ දඬුවම අහෝසි කිරීමේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව නීත්‍යනුකූල නොවන බවට නීතිපති වාර්තාවක් එවා තියෙනවා. එය මගේ සිතට සතුටක්.

හිරගෙවල් නිසා රට හදන්න අමාරුයි. පසුගියදා නාවික හමුදාව මත්පෙති මිලියන දහඅටක් සමග මත්කුඩු කිලො 270 ක් අල්ලා ගත්තා. ඒ ගැන සොයද්දී හිරගෙවල්වල සම්බන්ධතා හෙලිවුණා. මේවා ගෙනාවේ අපේ දරුවන්ටයි. එකට එකතු වෙලා හොඳ යහපත් රටක් ගොඩ නගන්න අත්වැල් බැඳ ගනිමු.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස