මම ෆීල්ඩ් මාර්ෂල්! ගෝඨා ලුතිනන් කර්නල්! මම ගෝඨාට සැලියුට් ගහන්නේ නෑ! රණවිරු සැමරුමට නොගියේ ඒකයි! – ෆොන්සේකා

May 20, 2020 at 6:53 pm | by emanisa.lk

තමන් ඊයේ (19) පැවති රණවිරු සැමරුමට සහභාගී නොවූයේ ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් කිසි විටක ලුතිනන් කර්නල් කෙනෙකුට ආචාර නොකරන නිසා යැයි සරත් ⁣ෆොන්සේකා සිය සමීපතමයන්ට කියා තිබේ.

හිටපු පාපාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල්වවරයෙකු වන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුදාවෙන් විශ්‍රාම ගන්නා විට ලුතිනන් කර්නල් ධුරයේ කටයුතු කළේය. අනතුරුව ඔහු 2005 සිට 2010 දක්වා ආරක්ෂක ලේකම් ලෙස ද කටයුතු කළේය.

කෙසේ වුවද කොටි ත්‍රස්තවාදය පරාජය කරන සමයේ යුද හමුදාපතිවරයා ලෙස විශාල සේවයක් කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රණවිරු සැමරුම සඳහා ගෙන්වා ගැනීමට ආණ්ඩුව විශාල උත්සාහයක් දැරූ බව එජාපයට හිතවත් වෙබ් අඩවි වාර්තා කර තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස