මම සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් ජනාධිපති වෙන්න හදන්නේ නෑ! – සජිත්

October 5, 2019 at 10:39 pm | by emanisa.lk

තමා ජනාධිපති වූ පසු මේ රටට නැවත වෙඩි නොවදින වාහන ගෙන ඒමට ඉඩ නොදෙන බවත් දැනට ගෙන්වා ඇති වාහන ප්‍රමාණවත් බවත් ඇමති සජිත් ප්‍රේමදාස පවසයි.

දේශපාලන බූවල්ලකු මෙන් ජනාධිපති ධුරය බදාගෙන නොසිටින බව සඳහන් කළ ඇමතිවරයා ජනාධිපති වෙන්නට සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් උත්සාහයක් නොකරන බවත් අවධාරණය කළේය.

ජනාධිපති ධුර හෝ අගමැති ධුර සඳහා තමාගේ කෑදරකමක් නොමැති බවත් තමාගේ සේවයෙන් තෘප්තිමත් නොවන්නේ නම් තමා ගෙදර යවන ලෙසත් හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මොරටුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එකතු වෙමින් ඔහු අද (05) මේ බව ප්‍රකාශ කළේය.

බෞද්ධ උප භාෂාවේ බුදුන් වහන්සේ සඳහා පමණක් ව්‍යවහාර කරන ශ්‍රී මුඛය යන්න තමාගේ කට හැඳින්වීම සඳහා යොදා ගැනීම නිසා මහත් විරෝධයක් මතු විය.

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය යනු බෞද්ධ සාහිත්‍යය තුළ බෝධි සත්වයන් වහන්සේ බුදු බව ලබා ගැනීම සඳහා ගත කළ කාලය හැඳින්වීම සඳහා යෙදෙන්නකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස