මම සහ ආණ්ඩුව අසාර්ථක නම් අපි ගෙදර යවන්න…! හැබැයි පරණ අසාර්ථක කණ්ඩායම ආයේ ගේන්න එපා..!

November 10, 2021 at 5:33 pm | by emanisa.lk

කොවිඩ් තත්ත්වය පාලනය කර පාසල් ආරම්භ කිරීමට කටයුතු කරද්දි පිරිසක් පෙළපාළි උද්ඝෝෂණ තබමින් කටයුතු කිරීම නිසා නැවතත් කොවිඩ් වසංගතය වැඩි විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

එවිට නැවතත් පාසල්, ආර්ථිකය සහ රට වසා දැමීමට සිදුවනු ඇතැයි ජනාධිපතිවරයා අනතුරු අඟවයි.

අවු. 05ක් රට පාලනය කර අසාර්ථක වූ පිරිස නැවතත් පැමිණ බලය ඉල්ලමින් ඇතැයි ද ජනතාව ද ඊට රැවටිය හැකි බව ද හෙතෙම පෙන්වා දෙයි.

තමා සහ ආණ්ඩුව අසාර්ථක නම් කළ යුත්තේ පරණ අසාර්ථක කණ්ඩායම ගෙනැවිත් නැවත බලය ලබා දීම නොව අලුත් පිරිසක් සෙවීම යැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස