මම සහරාන්ගේ බිරිඳට ලක්ෂ 50ක් දුන්නේ නෑ! එයා දැකලවත් නෑ! – එරාන්

November 20, 2020 at 9:03 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන්ගේ බිරිඳට තමා රු. ලක්ෂ 50ක් ලබා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන කතා අසත්‍ය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ තමා සහරාන්ගේ බිරිඳ කිසිදා දැක නොමැති බවත් ඇයට කිසිදු මුදලක් ලබා නොදුන් බවත් ය.

එසේ ම තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවත් ඔහු අවධාරණය කරයි.

මෙම ප්‍රයත්න පිටුපස ඇත්තේ යුක්තිය සහ නීතියේ ආධිපත්‍ය උදෙසා තමා සිදුකරන කටයුතු අවප්‍රමාණ කිරීම බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *