මම සමෘද්ධි රැකියා 14500ක් දෙන්න හැදුවා! විමල් දුන් 4500 වලංගු නෑ! අපි ඒවා අලුතින් දෙනවා! – ඇමති පී. හැරිසන්

March 15, 2019 at 3:49 pm | by admin

දින 52ක් තුළ පිහිටුවූ ආණ්ඩුව මඟින් විමල් වීරවංශ සමෘද්ධි නිලධාරීන් 4500ක් සඳහා ලබා දුන් පත්වීම් බල රහිත වූ බව කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් ඇමැති පී. හැරිසන් පවසයි.

උතුරු මැද පළාත් ගොවිජන අභිමන් උළෙලට සහභාගිවෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

තමන් සමාජ සවිබල ගැන්වීමේ ඇමැතිවරයා ලෙස සිටින කාලයේදී සමෘද්ධි නිලධාරීන් 14,498 දෙනකු සඳහා පත්වීම් සකසා තිබිය දී දින 52ක අරාජික ආණ්ඩු කාලය තුළදී විමල් වීරවංශ 4500කට පමණක් පත්වීම් ලබා දීම සිදු කර ඇති බවත් එම කිසිදු පත්වීමක් නිසි ක්‍රමවේදයකට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සංශෝධන එක් නොකර පත්වීම් ප්‍රදානය කර ඇති බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

එම නිසා බල රහිත වූ සමෘද්ධි නිලධාරි පත්වීම් සම්බන්ධව වත්මන් සමාජ සවිබල ගැන්වීමේ ආමාත්‍ය දයා ගමගේ මහතා මැදිහත්ව එම පත්වීම් සක්‍රිය කිරීමට පියවර ගනිමින් ඉන්නා බවත් නිසි දැක්මක් නොමැති කටයුතු නිසා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව තුළ අර්බුදකාරී තත්ත්වයන් හටගත් බවත් ඇමැතිවරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *