මම වගකියන්නේ ජනපතිට සහ අගමැතිට විතරයි…..! කිසිවෙකුගේ බලපෑම්වලට යටත් වන්නේ නෑ….! – බැසිල් දිවුරුම් දුන් දා ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්….

July 8, 2021 at 4:17 pm | by emanisa.lk

තමා වගකියන්නේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පමණක් බවත් ඒ කිසිවෙකු තමන්ට කිසිදු බලපෑමක් කර නොමැති බවත් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල පවසයි.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි යෝජිත තෙල් පිරිපහදුව ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ලබා ගැනීමට ඇමරිකානු තානාපතිනිය බලපෑම් කළේ දැයි විමසූ අවස්ථාවේ ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

“මම මේ ඇමති ධුරයට පත්කර තිබෙන්නේ ගරු අගමැතිතුමාගේ නිර්දේශය යටතේ අතිගරු ජනාධිපතිතුමන් . මට ඉහළින් ඉන්නේ එතුමන්ලා පමණයි. ඒ දෙදෙනා මගේ අමාත්‍යාංශයට කිසිම දවසක බලපෑමක් කරල නැහැ. උපදෙස් දීලා තියෙනවා. තොරතුරු විමසලා තියෙනවා. නමුත් කවදාකවත් බලපෑමක් කරල නෑ.”

“තානාපතිවරු මාව හමුවෙලා කරපු සාකච්ඡා ගැන මම ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් දැනුම් දුන්නා. ඒ තානාපතිවරුන් තමන්ගේ රටේදැවැන්ත සමාගම් වෙනුවෙන් පෙනී සිටිමින් කටයුතු කරද්දි කතා කරද්දි තමා මේ ටෙන්ඩරය ලංකාවට වාසිදායක කෙනාට ලබාදෙන බව දැනුම් දුන්නා. මම ලිඛිතවම දැනුම් දුන්නා.

ඇමරිකානු තානාපතිනිය මට ලියුමක් එවපු බව ඇත්තයි. එතුමිය මා හමුවුණු බවත් ඇත්තයි. ඒ සාකච්ඡාවේදී සිදුවුණු දේවල් ගැන මම අගමැතිතුමාටත් ජනාධිපතිතුමාටත් දැනුම් දීලා තියෙනවා. ඔබතුමාට මම එක සහතිකයක් දෙනවා. කිසිවකුගේ බලපෑම්වලට මම යට වෙන්නේ නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස