මම රාජපක්ෂලාට මහා තර්ජනයක්! දෙරණ අරුණ මට මඩ ගහන්නේ ඒකයි! – පා.ච. රණවක (video)

December 1, 2019 at 11:56 pm | by emanisa.lk

මහ බැංකු බැඳුම්කර වංචාවෙන් උපයා ගත් මුදලින් මිලයට ගත් මුද්‍රණාලයක මුද්‍රණය වන දෙරණ අරුණ පුවත්පත තමන්ගේ චරිතය ඝාතනය කිරීමට උත්සාහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පක රණවක පවසයි.

එම පුවත්පතින් පවසන ආකාරයේ වියදමක් බස් ප්‍රමුඛතා මංතීරු ව්‍යාපෘතියට වැය නොවූ බවත් එම සම්පූර්ණ ව්‍යාපෘතිය 39.6 km බවත් ඒ සඳහා රු. මිලියන 26.4ක් බවත් ඒ අනුව කිලෝ මීටරයක් සඳහා වැය වී ඇත්තේ රු. 668 000ක මුදලක් පමණක් බව ඔහු අවධාරණය කරයි.

ඇත්ත දැන දැනම දෙරණ අරුණ තමන්ට මඩ ගැසුව ද එම ආයතන පිළිබඳ කතා කිරීමට සත්‍ය කරුණු ඇති බවත් අවශ්‍ය වුවහොත් අනාගතයේ ඒ පිළිබඳ කතා කිරීමට සූදානම් බවත් ඔහු අවධාරණය කරයි.

මෙම මඩ අවලාද ව්‍යාපාරයේ අරමුණ රාජපක්ෂ ආණ්ඩුවට තර්ජනයක් විය හැකි තමා ඇතුළු පුද්ගලයන්ට මඩ ගසා ජනතාව අතර පිළිකුළට ලක් කර මර්දනය කිරීම සඳහා භීතික මානසිකත්වය ඇති කර ගැනීම බව මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස