මම යුද්දේ කළේ තනියම! ගෝඨා දන්න දෙයක් නෑ! TNA යෝජනා සලකා බලන්න ඕන! – ෆොන්සේකා

October 18, 2019 at 9:42 pm | by emanisa.lk

ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ කිසි දිනක යුද බිමට නොගිය බවත් ඔහු කිසි දිනක තමන්ට යුද්ධය වෙනුවෙන් උපදෙස් නොදුන් බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

එදා ඔහුට යුද්ධය නොතේරුණු බවත් අදත් එය එසේම බවත් පැවසූ ෆොන්සේකා හමුදාව ලක්ෂ පහක් යැයි ඔහු පසුගිය දිනක කී නමුත් ත‍්‍රිවිධ හමුදාව හා පොලිසිය එක්ක ගෙන බැලුවත් එහි සිටියේ ලක්ෂ තුනක් පමණක් යැයි ද කියා සිටියේය.

ඔහු මේ අදහස් පළ කළේ වෝක්ෂෝල් වීදියේ පිහිටි සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාලයේ දී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සෙබළුන් කිසි විටෙකත් ටයි කෝට් ඇඳි අයෙකුගේ අණ නොපිළිපදින්නේ යැයි ද ඔවුන් නිරන්තර පිළිගන්නේ නිල ඇඳුම් ඇඳි අයෙකුගේ අණ පමණක් යැයි ද හෙතෙම කියා සිටියේය.

එවකට රතුපස්වල සිද්ධියට දුන් නියෝග ක‍්‍රියාත්මක කළ නිලධාරින් මෙන්ම හලාවත ඇන්ටනි, කටුනායක රොෂේන් වැන්නන්ට වෙඩි තැබූ අය සිරගත වූ බවද එකී නියෝග නිකුත් කළ තැනැත්තන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බවද හෙතෙම කියා සිටියේය.

දෙමළ ජාතික සංවිධානයේ යෝජනා ගැන අදහස් දැක්වූ ෆොන්සේකා එම යෝජනා දෙස බැලීමට සිදුව ඇත්තේ රටේ ජාතික සමගිය සංහිදියාව හා සමගිය යන කරුණු සමඟ යැයි ද බලය බෙදීම කළ යුත්තේ රටේ ඒකීය භාවයට හානි නොවන පරිදි යැයි ද කී මන්ත‍්‍රීවරයා යළි ත‍්‍රස්තවාදයක් නොඑන්නට නම් එවැනි යෝජනා දෙස බැලිය යුතු යැයි ද කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස