ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන කිසිදු අපේක්ෂකයෙක් තමන්ට අභියෝගයක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
“මට මේ ජනපතිවරණය සටනක් නොවේ. මා එන්නේ කා එක්කවත් සටන් කරන්න නොවෙයි. මා එන්නේ මගේ ප්‍රතිපත්ති එක්කයි.
ඇත්ත කියලා රට බේරගන්න ලෑස්තිද නැතිනම් බොරු කියල රට අවුල් කරන්නද කියලා අපි හිතන්න ඕනේ. කැමති නම් මට ඡන්දය දෙන්න.
මම මේක ඉදිරියට ගෙනියනවා. මම අනෙක් අය වගේ පොරොන්දු දෙන්නේ නෑ. මම කරල පෙන්නලා තියෙනවා. අනෙක් අය පොරොන්දු දෙනවා.
මට අනෙක් අපේක්ෂකයන් අභියෝගයක් නෙවෙයි. මම එන්නෙ රටේ අනාගතය වෙනුවෙන්. අනෙක් අපෙක්ෂකයන් එන්නෙ ඔවුන් ගෙ අනාගතය වෙනුවෙන්.”
මාධ්‍ය ප්‍රධානීන් සමග ජනපතිවරයා අද (07) පැවැති හමුවක දී මෙම අදහස් පළ කළේය.