මම නියෝජ්‍ය නායක කරලා ෂර්මිලා නියෝජ්‍ය ලේකම් කරනවා නම් හංසයා දෙන්නම්! – රවී

March 6, 2020 at 11:51 am | by emanisa.lk

සමගි ජන බලවේගය සඳහා හංසයා ලකුණ ලබා දීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසා තිබේ.

ඒ සඳහා තමන්ට එම සන්ධානයේ නියෝජ්‍ය නායක ධුරය අවශ්‍ය බව අදාළ පාර්ශ්ව සමග පැවති සාකච්ඡාවේ දී රවී කරුණානායක දැනුම් දුන් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එසේම එම ලකුණ හිමි නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් ෂර්මිලා පෙරේරා තමන්ට සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම් ධුරය ඉල්ලා තිබේ.

එම තනතුරු ලබා දීමට අකමැති වූ සජිත් පාර්ශ්වය අනතුරුව දුරකතනය ඔස්සේ හෝ වෙනත් සලකුණක් යටතේ තරඟ වැදීමට සූදානම් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස