මම නිකන්ම මන්ත්‍රී නෙමෙයි දැන් ඇමැති..! ගරු කරලා කතා කරන්න…! – චාමර සම්පත් කතානායක කියයි…

November 24, 2022 at 9:34 am | by emanisa.lk

තමන් මන්ත්‍රීවරයෙකු නොව රාජ්‍ය අමාත්‍යවරයෙකු බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී කතානායකවරයාට මතක් කර දුන්නේය.

කතානායකවරයා විසින් චාමර සම්පත් දසනායක මන්ත්‍රී ලෙස හැඳින්වීම නිසා මෙම ගැටලුව මතු විය.

එහිදී ඔහු විමසා සිටියේ, තමන් රාජ්‍ය අමාත්‍යවරයෙකු බව කතානායකවරයා නොදන්නේ ද යනුවෙනි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන්ට රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබා දී ඇති බවයි, චාමර සම්පත් එහි දී ප්‍රකාශ කළේ.

එහි දී කතානායක මහින්ද යාපා අබේවර්ධන, සිය වරද පිළිබඳ සමාව ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *