මම නායකයා වුණේ පක්ෂේ අනිත් හැම එකාම බෝම්බෙන් ගිය නිසා!

February 15, 2019 at 5:34 pm | by admin

පළාත් සභාවලට බලතල ලබා දී තිබුණ ද එහි නිලධාරීන් නිසි වේලාවට තීන්දු තීරණ ගෙන ජනතාවගේ ගැටලු නිරාකරණයට කටයුතු නොකරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චෝදනා කරයි. පළාත් සභාවලට පවරා ඇති බලතල භාවිත කරමින් එම කටයුතු නිසි ලෙස ඉටු කිරීමට නොහැකි නම් එම බලතල මධ්‍යම ආණ්ඩුවට දෙන ලෙසත් එම කටයුතු තමන්ට කළ හැකි බවත් හෙතෙම අවධාරණය කරයි. මේ වන විට උතුරේ වැඩිපුරම වැඩ කරන්නේ හමුදාව බව තමන්ට උතුරේ දෙමළ වැසියන් කී බව ද අගමැතිවරයා පවසයි.

අගමැතිවරයා මේ අදහස් පළ කළේ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති නිවාස නැවති පදිංචි කිරීම් සහ අනෙකුත් කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී ය.

“යුද්ධයේදි වැඩිම විනාශය වුණේ උතුරේ. හැම පැත්තෙම මිනිස්සු මැරුණා. මගේ එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක්, ජනාධිපතිවරයෙක්, මහ ලේකම්වරයෙක් මැරුණා. ජනාධිපති අපේක්ෂකයා මැරුණා. ලලිත් ඇතුලත්මුදලි මැරුණා. මම නායකත්වයට ආවේ අනිත් හැම එකාම බෝම්බෙන් ගිය නිසා. ඒ නිසා ද්‍රවිඩ ජනතාව එක්ක මට ගහගන්න හේතුවක් නෑ. මේවා කළ එල්ටීටීඊය එක්ක ගහගන්න පුළුවන්. ඒත් ගහගන්න කෙනෙක් නෑ දැන්.”

“සමහර කාරණා ගැන නඩු දාලා තියෙනවා. එල්ටීටීඊ අයට වගේම මං හිතන්නේ හමුදාවේ අයටත් නඩු දාලා තියෙනවා. ඒ ඔක්කෝම නඩු 2015ට කලින්. හැමදාම නඩු දාගෙන යන්න බෑ. සංහිඳියාව එන්න ඕන. අප සත්‍ය කතා කරලා, කනගාටුව ප්‍රකාශ කරලා, සමාව අරගෙන හුඟක් කටයුතු නිමා කරන්න ඕන. අපට මේ රට හදන්න තියෙනවා.”

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *