මම නම් කැලෑ කැපුවේ නෑ! රාජපක්ෂ ආණ්ඩුව අපේ ගම් කැලෑ කියලා ගැසට් ගහලා! – රිෂාඩ් බදූර්දීන් වන සංහාරය ගැන ඇත්තම කියයි…

March 22, 2019 at 5:33 pm | by admin

විල්පත්තුව හෝ කිසිම වනාන්තරයක් තමා හෝ තම ජනතාව විනාශ නොකළ බවත් එසේ කළේ නම් තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක ලෙසත් අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් ඉල්ලා සිටියි.

අද (22) පාර්ලිමේන්තුවේ දී ඔහු ප්‍රකාශ කළේ තමන් කිසි විටක වනාන්තර විනාශ නොකළ බවත් ආණ්ඩුව 2012 වසරේ දී තම ගම්මාන වනාන්තර ලෙස ගැසට් කර ඇති බවය.

කෙසේ වුවද තමන් කිසි විටක ගම්මාන රක්ෂිත ලෙස ගැසට් නොකළ බවත් ඒ සියල්ල කළේ පිඹුරු අනුව බවත් පෙන්වා දුන් එවක පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කළේ රිෂාඩ් බදූර්දීන් නැවත පදිංචි කිරීම් සඳහා කැලෑබත් වූ ගම්මාන මෙන්ම රක්ෂිත ඉඩම් ද ඉල්ලා සිටි බවත් තමන් ඊට එකඟ නොවූ බවත්ය.

මේ වන විට අදාළ ගම්මාන ඉක්මවා රක්ෂිත භූමිවල ද ජනතාව පදිංචි කර ඇති බව පැවසූ හිටපු පරිසර ඇමතිවරයා වැඩි දුරටත් ඉල්ලා සිටියේ රක්ෂිත භූමි විනාශ කර ජනතාව පදිංචි කර තමන්ට බොරු චෝදනා නොකරන ලෙසය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ වන විනාශයට වගකිව යුත්තේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *