මම දියකාවගේ කටේ හිටපු මාළුවා උදුරගත් උකුස්සා වගේ! නියම වෙලාවට ගහන්නේ හිතාගන්න බැරිවෙන්න! – මෛත්‍රී

March 2, 2020 at 12:44 am | by emanisa.lk

තමන් උකුස්සෙකු මෙන් නියමිත වෙලාව ආ විගස පහර දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පොළොන්නරුවේ තම මැතිවරණ කාර්යාලය විවෘත කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

“පහුගිය දවසක ඇවිදින කොට මම හොඳ දර්ශනයක් දැක්ක.. පරාක්‍රම සමුද්‍රයෙ දියකාවො ඉන්නවනෙ.. දියකාවෙක් ඇවිල්ල මාලුවෙක් ඉන්න තැනකට මෙහෙම ගහල මාලුවෙක් අල්ලන් ගලක් උඩට ගියා..

ගල උඩට ගිහිල්ල එයා කන්න පටන් ගත්ත විතරයි, එක පාරටම දියකාව දන්නෙත් නෑ, උකුස්සෙක් ආව උඩ ඉඳලා.. උකුස්සෙක් ඇවිල්ල දියකාවගේ කටේ හිටපු මාලුව මෙහෙම කරනකොට ඩැහැගෙන ගියා..ඉතින් එහෙම තමා.. අපිත් ගහන ගැහිල්ල එහෙම තමා ගහන්නෙ.. උකුස්ස වගේ වෙලාවට තමා ගහන්නෙ. .”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස