මම ජවිපෙ 20ට කැමති නෑ! ශ්‍රීලනිප මන්ත්‍රීවරු අයවැයට එරෙහි නොවීම ගැන කනගාටුයි!

March 15, 2019 at 8:51 am | by admin

ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන 20 වන ව්‍යවස්ථා සංශෝධනයට තමා අකමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි. එහෙත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව ද අයවැය දෙවන වර කියවීමේ දී ඊට එරෙහිව ශ්‍රීලනිප මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ නොකිරීම පිළිබඳ තමන් කනගාටු වන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පියා වන අභාවප්‍රාප්ත අල්පොන්සෝ ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස