මම ජනාධිපති වෙලා සමලිංගිකත්වය නීතිගත කරනවා! සමලිංගික අයිතීන් සුරකින්න ලේකම් කාර්යාලයක් අරඹනවා! – අනුර දිසානායක

August 27, 2019 at 4:01 pm | by emanisa.lk

ගතානුගතික සහ පසුගාමී ආකල්ප නිසා වෙනස් කොට සලකන සමරිසි ප්‍රජාව පීඩනයට පත් කරන නීති රීති වෙනස් කර ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය උපුටා දක්වමින් ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.

දණ්ඩනීති සංග්‍රහයේ සමලිංගිකත්වයට එරෙහි නීති සංශෝධනය කරන බවත් ඔවුන් සමාන අයිතිවාසිකම් ලබා දී ඔවුන්ට සුවිශේෂ අයිතිවාසිකම් හඳුනාගෙන ඒවා බලාත්මක කරන බව ද එහි සඳහන් කර ඇත.

එසේම සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ දුක්ගැනවිලි විමසා බැලීමට ලේකම් කාර්යාලයක් පිහිටුවීමට ද ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු වී ඇත.

එම උපුටා ගැනීමේ පහත දැක්වෙයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස