මම ජනපති වූ කොළඹ කුණු පුත්තලමට යවන්නේ නෑ! – ගෝඨා

November 1, 2019 at 8:10 am | by emanisa.lk

කොළඹ කුණු පුත්තලම අරුවක්කාලු වෙත නොයවා කොළඹ දී ප්‍රතිචක්‍රීකරණය කිරීමේ සැලසුමක් තමා ජනපති වූ පසු ක්‍රියාත්මක කරන බව ගෝඨාභය රාජපක්ෂ පවසයි.

තමා පෙර පැවති රාජපක්ෂ ආණ්ඩු සමයේ සැලසුම් කළ පුත්තලම අරුවක්කාලු කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළ තුළ කිසිවකුට ගැටලුවක් නොවන ආකාරයට දුම්රිය මාර්ගයෙන් එහි ගෙන යාමට යොදා තිබුණ ද වර්තමාන ආණ්ඩුව එම සැලසුම විකෘති කළ බව ද හෙතෙම පැවසීය.

එහෙයින් චීනයේ ක්‍රියාත්මක සෑම නගරයකම කුණු එම නගරයේ ම ප්‍රතිචක්‍රීකරණය කිරීමේ නවීන වැඩපිළිවෙළ අනුව කොළඹ පමණක් නොව රටේම කසළ ගැටලුවට විසඳුම් ලබා දෙන බව හෙතෙම පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ පුත්තලම ආගමික නායකයන් මුණ ගැසී කොළඹ කසළ සිය ප්‍රදේශයට ගෙන ඒම නිසා මතුව ඇති ගැටලුව පිළිබඳ සාකච්ඡා කළ අවස්ථාවේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස