මම ජනතා සහයෙන් එජාප නායකයා වෙනවා! ඔබ දැන් පැත්තකට වෙන්න! – නවීන් මහ සභාවක රනිල්ගේ මුණටම කියයි..

July 26, 2020 at 12:11 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහගෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තමන් බලාපොරොත්තු වන බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක සඳහන් කරයි.

ඒ සඳහා රනිල් වික්‍රමසිංහගේ සහයෝගය තමන්ට අවශ්‍ය නොවන බව ද ඔහු පැවසීය.

එම සටනේදී කිසිවෙකුගේ පාර්ශ්වය නොගෙන රනිල් වික්‍රමසිංහට ස්වාධීන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

ජනතාවගේ සහයෝගයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු කීය.

ඔහු මේ බව කියා සිටියේ නුවරඑලියේදී දී පැවැති ශ්‍රී එක්සත් ජාතික පක්ෂයේ ජන හමුවක් අමතමිනි. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද සහභාගී වී සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස