මම ජනතාවට විහිළු සපයන්නේ ජනතාවගේ කුසගිනි නිවන්න! – සජිත්

July 6, 2020 at 11:22 pm | by emanisa.lk

තමන් දේශපාලන වේදිකාවේ විහිළු කරන්නේ රැස්ව සිටින ජනතාවගේ බඩගින්න නැති වෙන්න බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ කඩුවෙල ඊයේ (05) පැවති ජන හමුවක් අමතමිනි.

එම පක්ෂ ආසන කඩුවෙල සංවිධායක සුජීව සේනසිංහ විසින් එම ජනහමුව සංවිධානය කර තිබිණි.

සුජීව සේනසිංහ තවදුරටත් අවිවාහකව සිටීම ගැන දිගින් දිගටම උපහාසාත්මකව අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ ඔහුට කිසි දිනක විවාහ වීමට ඉඩ නොතබන බවත් තමා අගමැති වී පිහිටුවන ආණ්ඩුවේ ප්‍රබල ඇමති ධුරයක් ලබා දී උදේ 4-5ට අවදි කර රාජකාරී පවරන බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස