මම ගෝඨා සර් හමුවෙලා නෑ…! පිරිත් නූල් බඳින්න දුවන්නේ නෑ…! ගියා කියල ඔප්පු කළොත් හෙට සිවුරු අරිනවා…! – කොටුවේ පොඩි හාමුදුරුවෝ…

July 13, 2021 at 8:55 am | by emanisalk

පසුගිය ජනාධිපතිවරණයට පසු තමා ගෝඨාභය රාජපක්ෂ හමු නොවූ බව අත්තරගම ප්‍රඥාරාම හිමි (කොටුවේ පොඩි හාමුදුරුවෝ) පවසයි.

ජනාධිපතිවරයා රට පාලනය කරන බවත් තමන් වහන්සේ තමන්ගේ සමාජ සේවා කටයුතු සිදුකරන බවත් එහිමියෝ පැවසූහ.

තමා ජනාධිපතිවරයාගේ නිවසට ගිය බව හෝ ජනාධිපතිවරයාට පිරිත් නූල් බැඳීමට හෝ අවම වශයෙන් තේ එකක් පානය කිරීම සඳහා නොගිය බව ද කොටුවේ පොඩි හාමුදුරුවෝ ප්‍රකාශ කරති.

ජනාධිපතිවරණයට පසු තමා ගෝඨාභය රාජපක්ෂ මුණ ගැසීමට නොව ජනාධිපති ලේකම් කාර්යාලයට පවා නොගිය බව පොඩි හාමුදුරුවෝ අවධාරණය කරති.

එසේ ගිය බව හෝ ජනාධිපතිවරයා මුණ ගැසුණු බව කිසිවෙකු ඔප්පු කරන්නේ නම් තමා සිවුරු හරින බව ද කොටුවේ පොඩි හාමුදුරුවෝ වැඩි දුරටත් සඳහන් කළහ.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *