මම ගිවිසුම ගැහුවේ වාරියපොළ සුමංගල හාමුදුරුවෝ සිංහ කොඩිය ඔසවපු දවසේ! – සජිත්

March 2, 2020 at 8:44 pm | by emanisa.lk

සමගි ජන බලවේගය සෙසු සුළු පක්ෂ සමග ගිවිසුමකට එළඹියේ  වාරියපොළ සුමංගල හිමි එංගලන්ත කතිර කොඩිය බිම දමා සිංහ කොඩිය එස වූ දිනයේම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අද (02) එම ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

එතෙක් පැවති සිංහල රාජධානිය එංගලන්ත හිරු නොබසින අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත්කළ කුප්‍රකට උඩරට ගිවිසුම අත්සන් කළේ 1815 මාර්තු 02 වනදාය.

එදා එම ගිවිසුම අත්සන් කිරීමට පෙර මහනුවර මගුල් මඩුව ඉදිරිපිට කතුර කොඩිය ඔසවා තිබෙනු දුටු වාරියපොළ සුමංගල හිමි එය බිම හෙළා සිංහ කොඩිය නැවත එසවූයේ තවමත් ගිවිසුම අත්සන් නොකළ නිසා සිංහල රට ස්වාධීන රාජ්‍යයක් බව පවසමිනි.

අනතුරුව සුදු අාණ්ඩුව මංගල හිමියන් අත්අඩංගුවට ගත් අතර එහිමියන් මිය යන තුරු යාපනේ දෙමළ  ප්‍රභූන්ගේ වැසිකිළි ඇදීමට යෙදවූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස